බහාලුම් ප්‍රවාහන ගාස්තු 4%කින් අඩු කෙරේ

බහාලුම් ප්‍රවාහන ගාස්තු 4%කින් අඩු කෙරේ

ඉන්ධන මිල අඩුවීමත් සමග ඊයේ (01) මධ්‍යම රාත්‍රීයේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 4%කින් අඩු කිරීමට පියවර ගත් බව බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පැවසීය.

මේ අතර බස් ගාස්තු අඩුවීම ද ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකයි.

බස් ගාස්තු 4.24%කින් අඩු කෙරුණු අතර අවම බස් ගාස්තුව රුපියල් 27 දක්වා අඩු කෙරුණි.