සර්ව පාක්ෂික සමුළුව අද

සර්ව පාක්ෂික සමුළුව අද

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුව අද (26) පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම සමුළුව සඳහා, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත ඇරයුම් කර ඇති බවයි, ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මෙහිදි ජාතික සංහිඳියා වැඩසටහන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත අතර, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙහිදි වැඩි අවධානයක් යොමුවනු ඇති බව දෙමළ පක්ෂ නියෝජිතයින් පවසයි.

අදාළ සාකච්ඡාවට සම්බන්ධවීම සම්බන්ධයෙන් අද දිනයේ තීරණය කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසිය.

මේ අතර ජාතික ජනබලවේගයේ විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසුවේ, සර්ව පාක්ෂික සමුළුව කැඳවීමට පෙර ආණ්ඩුව තුළ ඒ පිළිබඳව එකඟතාවකට පැමිණිය යුතු බවය.