ප්‍රශ්නගත ඖෂධ හේතුවෙන් ඇස් පෙනීම අහිමි වූ පිරිසට වන්දි

ප්‍රශ්නගත ඖෂධ හේතුවෙන් ඇස් පෙනීම අහිමි වූ පිරිසට වන්දි

පසුගිය කාලයේ සිදුකල අක්ෂි සැත්කම් හේතුවෙන් අන්ධ භාවයට පත් වූ රෝගීන් වෙනුවෙන් වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මීට අමතරව එම ඖෂධ ගෙන්වීමට මූලික වූ සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බවත් අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසීය.