මහ දවාලේ වැඩබිමක් කොල්ල කන්න ගිය දෙදෙනෙකුට වැඩ වරදියි

මහ දවාලේ වැඩබිමක් කොල්ල කන්න ගිය දෙදෙනෙකුට වැඩ වරදියි

කොළඹ ගාලුමුවදොර ඉදිකිරීම් භූමියක ආරක්‍ෂකයන්ට ආයුධ පෙන්වා බයකර යකඩ ඇතුළු භාණ්ඩ තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් අද (17) දහවල් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයන් දෙදෙනා යකඩ ඇතුළු භාණ්ඩ කොල්ලකා පලා යන අවස්ථාවේ එහි ආරක්‍ෂකයන් ඔවුහූ පසු පස ලුහුබැඳ ඇති අතර එහිදී ඔවුන් පිහියක් පෙන්වා ආරක්‍ෂකයන් බිය කර තිබේ.

පසුව පොලිසිය ජීප් රථ දෙකකින් පැමිණ කොල්ලකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

Share This