කොළඹ සුපිරි හෝටලයක 31 වන මහලෙන් වැටී මියගිය පුද්ගලයා සියදිවිහානි කරගත් බවට හෙළිවෙයි

කොළඹ සුපිරි හෝටලයක 31 වන මහලෙන් වැටී මියගිය පුද්ගලයා සියදිවිහානි කරගත් බවට හෙළිවෙයි

කොළඹ – ගාලුමුවදොර පිහිටි සුඛෝපභෝගී හෝටලයක 31 වන මහලෙන් ඇද වැටී මියගිය පුද්ගලයා සිය දිවි හානි කරගෙන ඇති බවට අනාවරණය වී තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ (30) පස්වරුවේ අදාළ හෝටලයට පැමිණ ඇති මෙම පුද්ගලයා එහි 31 වන මහලෙන් මෙලෙස පැන ඇති බවයි.

හෝටලයේ සේවකයෙකු විසින් අද උදෑසන 4 වන මහලේ තිබී මියගිය පුද්ගලයාගේ සිරුර දැක ඇති අතර ඒ අනුව, මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ හෝටලයේ මහලෙන් පැන ඇති බවටයි, පොලිසිය සැක පළ කරන්නේ.

කෙසේ වෙතත් ඔහු රැදී සිටි කාමරයේ තිබී ඔහු ලියූ බවට සැකකෙරෙන ලිපියක්ද සොයාගැනීමට පොලිසියට හැකිව තිබේ.

එහි සඳහන්ව ඇත්තේ, “සමාවෙන්න මට අම්මේ මට ගොඩක් මහන්සියි…හැමදාම මන් හිතින් විඳවනවා…” යනුවෙනි.