උපකාරක පන්ති තුළ ජනපතිවරණය ගැන මත විමසූ ගුරුවරුන්ට වැඩ වරදී

උපකාරක පන්ති තුළ ජනපතිවරණය ගැන මත විමසූ ගුරුවරුන්ට වැඩ වරදී

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් උපකාරක පන්ති ගුරුවරුන් විසින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මත විමසමින් ඡන්ද පවත්වා ඒවා අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

අදාළ සිදුවීම් සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇති බවයි, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.

සැකකාර උපකාරක පන්ති ගුරුවරුන්, මැතිවරණය සම්බන්ධයෙන් අයුතු බලපෑම් කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.

එවැනි සිද්ධි සම්බන්ධයෙන් පොලීසිය වෙත පැමිණිලි කිරීමට ජනතාවට හැකියාව පවතින බවද ඔහු සඳහන් කළේ ය.