
කෝටි 125ක සිගරැට් තොගයක් විනාශ කෙරේ
නීති විරෝධීව රටට ගෙන ඒමට උත්සාහ කිරීමේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ රුපියල් කෝටි 125 කට අධික වටිනාකමින් යුත් සිගරැට් ලක්ෂ 87 කට අධික ප්‍රමාණයක් කොළඹ පහළොව පිහිටි ලංකා දුම්කොල සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී අද පෙරවරුවේ විනාශ කළේය.
රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ මෙම දුම්වැටි තොගය කිසියම් වූ ආකාරයකින් රේගුවෙන් පිටවූයේ නම් රජයට රුපියල් කෝටි 110 කට ආසන්න තීරු බදු මුදලක් අහිමිවීමට ඉඩ තිබූ බවය.