නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපොළ සියලු පරීක්ෂණ නිමවා ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටි ගුවන් මගියෙකු නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් තිබූ රුපියල් විසි දෙලක්ෂ අසූ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු ගම්පොළ, පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි, නිතර නිතර ගුවන් ගමන් වල නිරත වන ව්‍යාපාරිකයෙකි.

ඔහු ඩුබායි සිට ඕමානයේ මස්කට් නුවර වෙත පැමිණ, එතැන් සිට අද අලුයම 03.30 ට ස්ලාම් එයාර් ගුවන් සේවයේ ඕ.වී. – 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මොහු විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ “මැන්චෙස්ටර්” වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 22,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 114 ක් සගවා ගෙන සිටියදී, පොලිසිය විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ.

Share This