ලක්ෂ 34 කට වඩා වටිනා විදෙස් දුම්වැටි තොගයක් සමග දෙදෙනෙක් මාට්ටු

ලක්ෂ 34 කට වඩා වටිනා විදෙස් දුම්වැටි තොගයක් සමග දෙදෙනෙක් මාට්ටු

රුපියල් තිස් හතර ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

මින් එක් අයෙකු මහනුවර, කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වන්නෙකි. අනෙක් පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කායවර්ධන උපදේශකවරයෙකි.

මොවුන් දෙදෙනා සිය ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 23,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 115 ක් සගවා ගෙන සිටියදී, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.