චීන තානාපතිවරයා කථානායකවරයා හමුවෙයි

චීන තානාපතිවරයා කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොං මහතා අද (19) පාර්ලිමේන්තුවේදී කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

මෙම හමුවට පාර්ලිමේන්තු වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා ද එක්ව සිටියේය.

මෙහිදී චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ගරු ෂාඕ ලෙජි (Zhao Leji) මහතාගේ නව වසරේ සුබ පැතුම් පණිවිඩය චීන තානාපතිවරයා විසින් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පිළිගන්වන ලදි.

එසේම දෙපාර්ශ්වය අතර සාකච්ඡාව පැවති සාකච්ඡාවේදී ‘එක් චීනයක්’ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබාදෙන සහයෝගය අගය කරන බව චීන තානාපතිවරයා ප්‍රකාශ කළේය. තවද රජයක් ලෙස ශ්‍රී ලංකාව සෑම විටම ‘එක් චීනයක්’ ප්‍රතිපත්තිය පිළිගන්නා බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මෙහිදී සඳහන් කළේය.

මෙයට අමතරව, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඇතුළුව ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන චීන ආයෝජන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.