
මාස දෙකක බිළිඳෙක් මහ පාරේ දමා ගිහින්
අම්බලන්ගොඩ මාදම්පේ දේවගොඩ ප්‍රදේශයේ මහ පාර අයිනේ දමා ගිය කුඩා බිළිදෙකු අද උදේ සොයාගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ සොයා ගනු ලැබූවේ මාස දෙකක් පමණ වයැසැති පිරිමි දරුවකු බව ද පොලීසිය කියයි.
අම්බලන්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ මහතාට ලබා දුන් තොරතුරකට අනුව මහ පාර අයිනේ හඬමින් සිටි සිඟිත්තා වහා රෝහල් ගතකර තිබේ.
අම්බලන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි රේණුකා මහත්මිය ඇතුලු පොලිස් කාන්තාවන් පිරිසක් සිඟිත්තා බළපිටිය රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
දරුවාගේ සෞඛ්‍ය තත්වය ඉතාම යහපත් බව බලපිටිය මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.