කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් පොලීසියෙන් ක්ෂණික දුරකථන අංකයක්

කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් පොලීසියෙන් ක්ෂණික දුරකථන අංකයක්

කාන්තාවන් සහ ළමුන් මුහුණ දෙන හිරිහැර සහ පීඩාවන් සම්බන්ධව ක්ෂණිකව ක්‍රියාත්මක වීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් ජනවාරි 01 වැනිදා සිට හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද (19) පැවසීය.

එම ක්ෂණික දුරකථන අංකය හරහා දිවයිනේ ඕනෑම ස්ථානයක සිට ඕනෑම භාෂාවකින් ගැටලු පිළිබඳ දැනුම් දීමේ හැකියාව ඇති බව පැවසූ අමාත්‍යවරයා පොලිස් කාන්තා නිලධාරිනියන් ක්‍රියාත්මක කරන මෙම ඇමතුම් මධ්‍යස්ථානය හරහා කාන්තාවන්ට සහ ළමුන්ට වඩාත් විශ්වාසනීය සහ පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි සේවාව සපයන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

විෂය භාර අමාත්‍ය ටිරාන් අලස්ගේ විශේෂ උපදෙස් හා මග පෙන්වීම පරිදි, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අධීක්ෂණය යටතේ මෙය ක්‍රියාත්මකයි.

Share This