මාතලේ ළමා නිවාසයකින් අතුරුදන් වූ දැරියන් තිදෙනා කැකිරාවෙන් හමුවෙයි

මාතලේ ළමා නිවාසයකින් අතුරුදන් වූ දැරියන් තිදෙනා කැකිරාවෙන් හමුවෙයි

මාතලේ ළමා නිවාසයකින් අතුරුදන්ව සිටි පාසල් සිසුවියන් තිදෙනා කැකිරාව ගිරානේගම ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී කැකිරාව පොලිසිය විසින් අද (29) පොලීසිය භාරයට ගෙන තිබේ.

මෙසේ පොලිස් භාරයට ගෙන ඇත්තේ, 11 පන්තියේ සහ 09 වන පන්තියේ ඉගෙනුම ලැබූ එකම පවුලේ සහෝදරියන් දෙදෙනා සහ තවත් 9 පන්තියේම ඉගෙනුම ලැබූ අවුරුදු 17 සහ 14 යන වයස් වල පසුවූ මහනුවර රිකිල්ලගස්කඩ හා මාතලේ හත්තොටඅමුණ ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවන් තිදෙනෙකි.

ළමා නිවාසයේ රඳවා සිටි එම ළමුන් තිදෙනා අතුරුදහන් වී ඇති බවට එහි පාලිකාව විසින් මාතලේ පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණයේදී මෙම සිසුවියන් තිදෙනා සොයා ගැනීමට හැකි වූ අතර පොලිස් භාරයට පත් වූ සිසුවියන්ගෙන් ප්‍රකාශ සටහන් කර පරීක්ෂණ පවත්වා නැවත එම ළමා නිවාසය වෙත භාර දීමට කටයුතු යොදා තිබේ.

COMMENTS