ශ්‍රී ලංකා පදනම් ආයතනයට සහ චිත්‍රපට සංස්ථාවට නව සභාපතිවරු

ශ්‍රී ලංකා පදනම් ආයතනයට සහ චිත්‍රපට සංස්ථාවට නව සභාපතිවරු

ශ්‍රී ලංකා පදනම් ආයතනයට සහ ජාතික චිත්‍රපට සංස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින් නව සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත්කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා පදනම් ආතනයේ සභාපති ලෙස එස්.එම්. සමරකෝන් මහතාත් ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපති ලෙස රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ප්‍රින්ස් සේනාධීර මහතාත් පත් කර ඇත.

ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය

සභාපති – ඩබ්. ප්‍රින්ස් සේනාධිර

සෙසු සාමාජිකයන් –

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
එම්. ඩී. මහින්දපාල
ඩබ්. ජී. ටිතිර වික්මල්
නීතිඥ දක්ෂිකා තිසරංගනී පෙරේරා
එම්. එස්. කේ. ජේ. බණ්ඩාර
බී. එන්. දම්මින්ද කුමාර
වයි. අයි. ඩී. ගුණවර්ධන

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය

සභාපති – එස්.එම්. සමන් සමරකෝන්

සෙසු සාමාජිකයන් –

මහාචාර්ය කේ. එස්. වන්නිආරච්චි
ආචාර්ය ඒ. එම්. එස්. අතපත්තු
ඉංජිනේරු ඩී. එස්. කේ. එස්. ජයලත්
එම්. කේ. ප්‍රසංග චතුරංග
පී.ඩබ්. ඩී. තිසරංගනි පෙරේරා
ජී. එච්. වයි. මංජුල සිරිසෝම
ජෙයචන්ද්‍රමූර්ති රජීවන්
ආචාර්ය එම්. කේ. ද පැස්කුවෙල්
අයි. ජී. සුලක්ඛනා කුමාරි