මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹෙයි

මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹෙයි

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (14) පෙරවරු 7:00 ට ආරම්භ කෙරුණි.

ඒ අනුව, දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

උදෑසනම ගොස් සිය ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටියි.

හැකි තරම් උදෙන්ම ඡන්ද පොළට ගොස් ඡන්දය භාවිතා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

ඡන්ද පොළට යෑමේදී ඡන්ද දායකයන්ගේ ගමන් මළුවල ජංගම දුරකථන හෝ ප්‍රචාරක ද්‍රව්‍ය තබා ගැනීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී වන බවද එම නිසා ඒවා නොමැතිව ඡන්ද පොළට ගොස් ඡන්දය සළකුණු කරන්නැයිද මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කරන බව සභාපතිවරයා කීවේය.