ජනපති සටනට ඇප තැන්පත් කළ අපේක්ෂකයින් ගැන කොමිසමෙන් දැනුම්දීමක්
2024 ජනාධිපතිවරණය වෙනුවෙන් මේ වනවිට අපේක්ෂකයින් සිව්දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අතර, ජනාධිපති රනිල් වික්රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත් සහ ඒ. එස්. පී. ලියනගේ යන අය සිටින බවයි, එම නිවේදනයේ දැක්වෙන්නේ.