බුත්තලට අයිස් වැස්සක්

බුත්තලට අයිස් වැස්සක්

අධික වැසි සහ සුළං තත්ත්වයත් සමග ඊයේ (09) පස්වරුවේ බුත්තල නගරයට අයිස් වැස්සක් පතිත වී තිබේ.

එසේම තද සුළං හේතුවෙන් නිවාස 25කට පමණ හානි සිදුව ඇති බවද සඳහන්.

බුත්තල බස් නැවතුම්පොළ ආසන්නයේදී විශාල ගසක් වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයට කඩා වැටීම නිසා එහි ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වී තිබුණි.

ඊට අමතරව බුත්තල නගරයේ ස්ථාන කිහිපයක්ම අධික වැස්ස හේතුවෙන් ජලයෙන් යට වී තිබුණු බවයි, අප වාර්තාකරු සඳහන් කළේ.

Share This