
බූස්ස බන්ධනාගාර සිරකුටියකින් දුරකතන ඇතුළු උපාංග රැසක් සොයාගනී
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවන් රඳවා සිටින සිරකුටියක තිබී ජංගම දුරකථනයක් ඇතුළු උපාංග රැසක් සොයා ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් ඊයේ (20) සවස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ ඩී අංශයේ 83 වන සිර මැදිරිය පරීක්ෂා කිරීමේදී එහි තුළ තිබී මේවා සොයාගෙන ඇත.
සොයාගත් තහනම් භාණ්ඩ අතර නවීන ජංගම දුරකථනයක්, කේබල්, සිම්පතක්, බැටරි චාජරයක් සහ තවත් හඳුනා නොගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබූ බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් භාණ්ඩ බන්ධනාගාර පාලන අධිකාරිය වෙත භාරදී ඇත.