8ක් රෝහලට යැවූ බස් අනතුර

8ක් රෝහලට යැවූ බස් අනතුර

අවිස්සාවේල්ල, කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 08 දෙනෙකු තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පින්දෙනිය පොලීසිය පවසයි.

රත්නපුර සිට රඹුක්කන බලා ධාවන වූ බස් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති අතර මෙම ස්ථානයේ මාර්ගය වංගු සහිත තැනක්ව තිබියදී රියදුරුගේ නොසැලකිලිමත් රිය පැදවීමෙන් මෙම අනතුරු සිදුව ඇති බවත් පොලීසිය කියයි.

මෙම අනතුරින් බස් රථයේ රියදුරු, ළමයින් තිදෙනකු සමග පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා කෑගල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.

COMMENTS