තවත් බස් අනතුරකින් රියදුරෙක් මරුට

තවත් බස් අනතුරකින් රියදුරෙක් මරුට

කොළඹ නුවර මාර්ගයේ බටලීය කජුගම දී ඊයේ (29) රාත්‍රියේ බස් රථ දෙකක් ගැටී සිදුවූ අනතුරකින් එක් රියදුරකු මියගොස් මගීන් පිරිසක් තුවාල ලබා ඇතැයි නිට්ටඹුව පොලිසිය පවසයි.

කාත්තන්කුඩි සිට කොළඹ බලා ගමන් ගත් ලංගම බස් රථයක් හා කාර්යාල සේවකයින් ප්‍රවාහනය කළ බස් රථයක් මෙසේ අනතුරට ලක් වී ඇතැයි වාර්තා වේ.

පෞද්ගලික බස් රථය එම දිශාවටම ධාවනය වූ වෙනත් වාහනයකට ඉස්සර යෑමේ දී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් පෞද්ගලික බස්රථ රියදුරු මියගොස් බස් රථ දෙකේ කාන්තාවන් 4ක් සහ පිරිමි පුද්ගලයින් 5 දෙනෙක් තුවාල ලබා වතුපිටිවල සහ වරකාපොළ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 44 හැවිරිදි කඹුරාදෙණිය, දංඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය වතුපිටිවල රෝහලේ තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් ලංගම බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share This