නිල නිවාස සහ බංගලා වහා භාරදෙන ලෙස හිටපු අමාත්‍යවරුන්ට දැනුම්දීමක්
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ලිඛිතව දැනුම් දී තිබේ.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පහළොවකට ආසන්න පිරිසක් රජයේ නිල නිවාස සහ බංගලා බාර දීම සඳහා දැනටමත් විමසීම් කර ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ ආයතන කිහිපයකට රජය ලබා දී තිබූ කොළඹ රජයේ බංගලා සංඛ්‍යාව 50 කි.
මේ අතර මාදිවෙල මන්ත්‍රී නිල නිවාස මහ මැතිවරණය පවත්වන දිනය තෙක් පාවිච්චි කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් හිටපු මන්ත්‍රීවරුන්ට අවසර දී ඇත.
ඒ අනුව, පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනයේ හෝ ඊට පසු දින එම නිවාස යළි බාර දිය යුතු බව පාර්ලිමේන්තු ප්‍රධානීහු සියලුම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ සියලු ආකාරයේ දීමනා, මුද්දර ගාස්තු ඇතුළු සියලු පහසුකම් ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගම අහෝසි වී ගියේය.