දළදා මාළිගාවට පැමිණි අයෙකුගේ ගමන් මල්ලෙන් හමුවූ දේ

දළදා මාළිගාවට පැමිණි අයෙකුගේ ගමන් මල්ලෙන් හමුවූ දේ

මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ඇතුල්වීමට පැමිණි පුද්ගලයෙකුගේ ගමන් මල්ලේ තිබී බෝර 12 ගිනි අවි වලට භාවිතා කරන හිස් පතුරම් කොපු 6 ක් සොයාගත් බව ශ්‍රී දළදා මාළිගාවේ පොලිසියේ නිලධාරියෙක් පැවසීය.

අත්අඩංගුවට ගත් පුද්ගලයා කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සතු බලපත් ලත් ගිනි අවියක් තිබෙන බව පොලිස් ප්‍රශ්න කිරිම් වලදී හෙළිවී අති බව පොලිසිය පවසයි. වැඩිදුර විමර්ශන සඳහා සැකකරු මහනුවර පොලිස් මුලස්ථානයට බාරදීමට නියමිතය.