බස් රථයක ගමන්මලු‍ රඳවනයේ පතොරම් තොගයක්

බස් රථයක ගමන්මලු‍ රඳවනයේ පතොරම් තොගයක්

බස් රථයක ගමන්මලු‍ රඳවනය තුළ තිබූ බෑගයක තිබී ජීව පතරොම් 123 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ බණ්ඩාරවෙල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මතයි.

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් ඊයේ (22) දහවල් බණ්ඩාරවෙල නගරයේ දී පරීක්ෂා කිරීමේ දී මෙම ජීව පතරොම් තොගය සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පතරොම් අතර පිස්තෝල පතරොම් 113ක්, ටී56 පතරොම් 09ක් හා ටී 56 එල්එම්ජී පතරොමක් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෙම පතරොම් බස් රථයේ ගමන්මළු රඳවනය තුළ තිබූ බෑගයක් තුළ කුඩා යකඩ පෙට්ටියක බහා තිබිය දී සොයාගෙන තිබෙනවා.

අදාළ පතොරම් තොගය බස් රථය තුළට ගෙන ආ පුද්ගලයා සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.