web hit counter
විසර්ජන පනතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

විසර්ජන පනතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2024 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (13) දහවල් 12.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මෙවර අයවැයෙහි ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 7,326ක් වන අතර පුනරාවර්ථන වියදම් ලෙස රුපියල් බිලියන 5,334ක් වෙන්කර ඇති බව සඳහන්ය.

එමෙන්ම ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 1,225ක් වෙන් කර තිබේ.

ඒ අනුව, ජනාධිපතිවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය පිළිබඳ විවාදය හෙට (14) දිනයේ සිට ලබන 21වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )