බොරතෙල් නිෂ්පාදනය කප්පාදු කිරීමේ තීරණයෙන් තෙල් මිල ඉහළට

බොරතෙල් නිෂ්පාදනය කප්පාදු කිරීමේ තීරණයෙන් තෙල් මිල ඉහළට

සෞදි අරාබිය ඇතුළු ඔපෙක් නිෂ්පාදකයින් සිය නිෂ්පාදනයන් කප්පාදු කිරීමට තීරණය කිරීමත් සමගින් ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් දර්ශකයට අනුව බැරලයක් ඩොලර් 4.30 කින් ඉහළ ගොස් ඩොලර් 84.19 දක්වා ඉහළ ගියේය.

එසේම එක්සත් ජනපද බොරතෙල් බැරලයක් ඩොලර් 4.17 කින් ඉහළ ගොස් ඩොලර් 79.84 දක්වා ඉහළ ගොස් තිබේ.

නිෂ්පාදනයන් කපා හැරීම මගින් බොරතෙල් බැරලයක මිල ඩොලර් 10කින් පමණ ඉහළ යා හැකි බවට විශ්ලේෂකයෝ මත පළ කරති.

ඒ අනුව, වසර අවසන් වන විට බොරතෙල් බැරලයක් ඩොලර් 95ක අගයක් ගනු ඇති බවත් 2024 වසරේදී බොරතෙල් බැරලයක් ඩොලර් 100ක් දක්වා ඉහළ යනු ඇති බවත් පුරෝකථනය කර තිබේ.

 

Share This