පාපන්දු පිටියකට මිසයිල ප්‍රහාරයක් – 12ක් ජීවිතක්ෂයට

පාපන්දු පිටියකට මිසයිල ප්‍රහාරයක් – 12ක් ජීවිතක්ෂයට

ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින ගෝලාන් කඳුකරයේ පිහිටා ඇති පාපන්දු පිටියකට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් දරුවන් සහ තරුණයින් 12 දෙනෙක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරය ලෙබනනයේ හිස්බුල්ලා ගරිල්ලා සංවිධානය විසින් එල්ලකර ඇති බවට ඊශ්‍රායලය චෝදනා කරයි.

නමුත් හිස්බුල්ලා සංවිධානය එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ එම ප්‍රහාරයට දරුණු ප්‍රතිචාරයක් දක්වන බවයි.

ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ මේ හේතුවෙන් ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර යුද්ධයක් ඇතිවීමේ හැකියාව පවතින බවයි.