සරණාගත මධ්‍යස්ථානයකට ෂෙල් වෙඩි ප්‍රහාරයක් – 9ක් මරුට

සරණාගත මධ්‍යස්ථානයකට ෂෙල් වෙඩි ප්‍රහාරයක් – 9ක් මරුට

දකුණු ගාසා තීරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන සරණාගත මධ්‍යස්ථානයකට එල්ල වූ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් නව දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහි දී තවත් පුද්ගලයින් 75 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ෂෙල් වෙඩි ප්‍රහාර දෙකක් අදාළ මධ්‍යස්ථානය වෙත එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අදාළ ප්‍රහාරය තම හමුදා විසින් සිදු කර නොමැති බව ඊශ්‍රායලය පවසයි.

Share This