ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේ ලෝකඩ පදක්කම් ශූරිය දිවයිනට

ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේ ලෝකඩ පදක්කම් ශූරිය දිවයිනට

සිංගප්පූරුවේ පැවති ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් තුනක් දිනාගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් ජයරුක්ෂි සමන්කුල අද (21) උදෑසන දිවයිනට පැමිණියා.

අද උදෑසන 09.50ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ – 45 දරණ ගුවන් යානයෙන් ඇය දිවයිනට පැමිණි බවයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පැවසුවේ.

ඇය පිළිගැනීම සදහා ඇයගේ දෙමාපියන්, පුහුණුකරු සහ තවත් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඉකුත් 19 වනදා සිංගප්පූරුවේ චැංගි නගරයේ දී පැවති ලෝක කායවර්ධන ශූරතා තරගාවලිය නියෝජනය කළ ජයරුක්ෂි සමන්කුල එහි ලෝකඩ පදක්කම් 03ක් දිනා ගැනීමට සමත් වුණා.

මෙම තරගාවලිය නියෝජනය කළ එකම ශ්‍රී ලාංකික ජාතිකයා වුණේ ද ජයරුක්ෂි සමන්කුලයි.

20230821 102855 scaled

20230821 101911 scaled

20230821 103015 scaled