web hit counter
පැය 35ක් මුහුදේ ගිලෙමින් තිබූ බෝට්ටුවක සිටි පුද්ගලයෙකු බේරා ගැනේ

පැය 35ක් මුහුදේ ගිලෙමින් තිබූ බෝට්ටුවක සිටි පුද්ගලයෙකු බේරා ගැනේ

ෆ්ලොරිඩා වෙරළට සැතපුම් 12 ක් ඔබ්බෙන් වූ අත්ලාන්තික් සාගරයේ අර්ධ වශයෙන් ගිලී ගිය බෝට්ටුවක සිටි පුද්ගලයෙකු බේරාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

25 හැවිරිදි චාල්ස් ග්‍රෙගරි නැමැති මෙම පුද්ගලයා මසුන් ඇල්ලීමට ගොස් ඇති බවත් පැය 35ක් පමණ මුහුදේ අතුරුදන්ව සිටි බවත් ඔහුගේ පියා CNN පුවත් සේවය වෙත පවසා තිබෙනවා

මුහුද මැද කුඩා පැතලි පතුලක් සහිත ධීවර බෝට්ටුවක පුද්ගලයෙක් වාඩි වී සිටිනු ගුවන් යානයක සෝදිසි කණ්ඩායමක් දැකීමෙන් පසුව එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකායට දැනුම් දීමෙන් අනතුරුව චාල්ස් ග්‍රෙගරිව බේරා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ.

 

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )