ඩුබායි හි සිට රැගෙන ආ සැකකරුගේ නිවෙස පිටුපසින් බෝම්බයක් සොයා ගනී

ඩුබායි හි සිට රැගෙන ආ සැකකරුගේ නිවෙස පිටුපසින් බෝම්බයක් සොයා ගනී

පසුගිය 29 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි හි සිට මෙරටට රැගෙන ආ අපරාධ කල්‍ලි සාමාජිකයාගේ නිවසේ පිටුපස වළ දමා තිබියදී අත් බෝම්බයක් සහ කුඩු ග්‍රෑම් 310 ක් සොයා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන ගීත්මාල් බිනෝයි දිල්ෂාන් නැමැත්තා මෙලෙස ඩුබායිහි සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන විත් තිබුණි.

මතුගම ප්‍රදේශයේදී වෙඩි තබා කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධියට සහ අපරාධ ගනනාවකට මෙම සැකකරු සම්බන්ධ බවට අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.