හෙට සිට විදුලි ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි

හෙට සිට විදුලි ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි

හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 14.2 කින් විදුලි ගාස්තු අඩු කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව, ගෘහස්ත අංශයේ මසකට ඒකක 0ත් 30ත් අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩයට සියයට 65ක් ගාස්තු අඩුවීමක් සිදුවේ.

එම කාණ්ඩය සඳහා ඒකකයකට රුපියල් 30ක් ලෙස අය කළ ගාස්තුව රුපියල් 10ක් දක්වා අඩු කර ඇත.

එමෙන්ම එම කාණ්ඩය සඳහා අය කෙරෙන ස්ථාවර ගාස්තුව ද රුපියල් 400 සිට රුපියල් 150 දක්වා අඩු කර ඇත.

ඒකක 60 ට අඩු කාණ්ඩයේ එක් ඒකකයක ගාස්තුව රුපියල් 42 සිට රුපියල් 32 දක්වා අඩු කර ඇති අතර එම කාණ්ඩය සඳහා රුපියල් 650ක් ලෙස අය කළ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 300 දක්වා අඩුකර තිබේ.

ඒකක 91ත් 120ත් අතර කාණ්ඩය සඳහා ඒකකයක ගාස්තුව රුපියල් 42 සිට රුපියල් 35 දක්වා අඩු කර ඇති අතර මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 1500 සිට රුපියල් 1000 දක්වා අඩු කර ඇත.

ආගමික ස්ථාන සදහා සියයට 16ක ගාස්තු අඩු වීමක් ද, අඩු පරිභෝජනයක් සහිත ආගමික ස්ථාන වලට ඒකකය රුපියල් 10 බැගින් රුපියල් 30 සිට රුපියල් 10 දක්වා ගාස්තු අඩු වීමක් සිදුවනු ඇති.

හෝටල් අංශයේ විදුලි බිලෙහි සියයට 26.3ක අඩුවීමක් පවතින අතර කර්මාන්ත කාණ්ඩයේ සියයට 9ක අඩුවීමක් සිදුවී ඇති බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.

Share This