බිබිල බස් අනතුරෙන් තුවාල ලැබූ 49න් කිහිපදෙනෙකුට බරපතලයි !

බිබිල බස් අනතුරෙන් තුවාල ලැබූ 49න් කිහිපදෙනෙකුට බරපතලයි !

බිබිල – අම්පාර මාර්ගයේ ළිඳකුඹුර ප්‍රදේශයේදී ලංගම බසයක් පෞද්ගලික බසයක පිටුපස ගැටී සිදුවූ අනතුරකින් ඇඟළුම් කම්හල් සේවක සේවිකාවන් සහ මගීන් 49 දෙනකු තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

පුද්ගලික ආයතනයක සේවකයින් රැගත් පුද්ගලික බස් රථය සේවකයින්ට බැසීම සඳහා නවතන අවස්ථාවේදී පසු පසින් පැමිණි බස් රථය එම බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් පසු බසය මීටර් 20 පමණ දුරට ඇති ගොස් ඇති අතර පෞද්ගලික බසයට බරපතල ලෙස හානි සිදුව තිබේ.

තුවාලකරුවන් අතර ඇඟළුම් කම්හල් සේවක සේවිකාවන් මෙන්ම ලංගම බසයේ මගීන්ද සිටින බව බිබිල පොලිසිය කියයි.

තුවාලකරුවන් බිබිල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගෙන් කීප දෙනකුගේ තත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

අනතුර සිදුවන අවස්ථාවේ පෞද්ගලික බසයෙ ඇඟළුම් සේවක සේවිකාවන් 55 – 60 අතර ප්‍රමාණයක් ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.