
බෙලිඅත්තේ කම්මලකදී ගල්කටස් උණ්ඩයක් පුපුරා යයි
බෙලිඅත්ත පොලිස් වසමට අයත් පුවක්දණ්ඩාව දෙවන විස්කම්පුර ප්‍රදේශයේ කම්මලක් තුලදී බෝර 12 පතොරම් යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිණිඅවියක උණ්ඩයක් පුපුරා යාමෙන් කම්මල්කරු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි.
ඊයේ (02) දහවල් 12 ට පමණ එම අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූ කම්මල්කරු ගල්කටස් ගිණිඅවියක් නිපදවමින් සිටියදී හෝ ගිණිඅවිය අලුත්වැඩියා කරමින් සිටියදී එහි උණ්ඩය පුපුරා යන්නට ඇතැයි පොලිසිය සැකකරයි .
අනතුරින් තුවාල ලබා ඇත්තේ, පුවක්දණ්ඩාව, දෙවන විස්කම්පුර, බෝගහ කොරටුව ලිපිනයේ පදිංචි 49 හැවිරිදි කම්මල්කරුවෙකි.
ඔහු කම්මල් වැඩ කිරීම සහ ස්වර්ණාභරණ නිපදවීම රැකියාව කරගත් අයෙකු බව පොලිසිය පැවසීය.
තුවාලකරුව පවුලේ ඥාතීන් විසින් 1990 සුව සැරිය ගිලන් රථයක් මගින් වහාම තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
උණ්ඩයේ කුඩා යකඩ කැබලි වැදීමෙන් ඔහුගේ උදරයට බරපතළ තුවාල සිදුවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.