බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ ගිනි අවි සැඟවූ පුද්ගලයා බාර වෙයි

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ ගිනි අවි සැඟවූ පුද්ගලයා බාර වෙයි

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ පුද්ගලයකු බෙලිඅත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

සැකකරු නීතිඥවරයෙකු මාර්ගයෙන් ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු විසි හතර හැවිරිදි ඉඹුල්ගොඩ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොහු ඝාතනය සදහා යොදාගත් ගිණිඅවි කඹුරුපිටිය ප්‍රදේශයේ පිහිටි සිය ආච්චිගේ නිවසේ සගවා තබා පසුව එම ගිණිඅවි කඹුරුපිටියේ සිට ගාල්ල කරාපිටිය ප්‍රදේශයට රැගෙන යාමට සහායවූ සැකකරුවෙකු බව පොලිසිය පවසයි.

සැකකරු අද (7) දින තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This