පොලී අනුපාත සම්බන්ධයෙන් මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

පොලී අනුපාත සම්බන්ධයෙන් මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 25කින් අඩු කිරීමටයි, එහි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇත්තේ.

ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 8.25%කින්ද නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 9.25% කින්ද පහළ යනු ඇති.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (23) පැවති රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.