නීති විරෝධීව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින්, සිය වීසා කාළය ඉක්මවා, නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කටුනායක පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් ආඩිඅම්බලම, කෝවින්න ප්රදේශයේ සංචාරක හෝටලයක් තුළ දී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
වයස අවුරුදු 20 ත් – 30 ත් අතර පසුවන මොවුන් ශ්රී ලංකාවේ ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් මෙසේ නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිට තිබේ.
මොවුන්ගෙන් වැඩිදුර විමර්ශන කටයුතු සදහා ප්රකාශ සටහන් කර ගැනීමට භාෂා පරිවර්තකවරයෙකුගේ සහාය ලබා ගැනීමට පොලිසියට සිදු වී තිබේ.
කටුනායක පොලිසිය වෙත ලද තොරතුරක් මත, ඊයේ (18) රාත්රී ආඩිඅම්බලම, කෝවින්න ප්රදේශයේ පිහිටි මෙම සංචාරක හෝටලය වටලා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.