බංග්ලාදේශ මහ මැතිවරණයෙන් ශෙයික් හසීනාට ජය

බංග්ලාදේශ මහ මැතිවරණයෙන් ශෙයික් හසීනාට ජය

බංග්ලාදේශ මහ මැතිවරණයෙන්, අගමැතිනී සීක් හසීනා සහ ඇගේ අවාමි ලීගය දේශපාලන පක්ෂයට පහසු ජයක් හිමිවිය.

අගමැතිනී සීක් හසීනාට ජය හිමිවූයේ පිටපිට සිවුවැනි වරටය.

බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ ආසන 350 කි. එයින් ආසන 50 ක් කාන්තා නියෝජිතයන් සඳහා වෙන් කර තිබේ.

ඊයේ (07) පැවැත්වුණු මහ මැතිවරණයට, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මිලියන 120 ක් සුදුසුකම් ලබා සිටි අතර, ඔවුන්ගෙන් හරි අඩක් කාන්තාවන් බව බංග්ලාදේශ මැතිවරණ කොමිසම පවසා තිබුණි.

ඊයේ පැවැති මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙද්දී, ආසන 152 කට වඩා දිනා ගැනීමට අවාමි ලීගය පක්ෂය සහ ඊට හිතවත් දේශපාලන පක්ෂ සමත් වී සිටියේය.

ඒ අනුව, 2009 වසරේ සිට බලයේ සිටින 76 හැවිරිදි සීක් හසීනා තවත් වසර පහක්, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරය හිමිවෙයි.

මුලින්ම ඇය 1996වසරේදී බලයට පැමිණි අතර පසුව 2009 වසරේ සිට අඛණ්ඩවම ඇය බංග්ලාදේශයේ අගමැතිනී ලෙස කටයුතු කරයි.

Share This