බංග්ලාදේශයේ මහල් ගොඩනැගිල්ලක ගින්නකින් 43 ක් මරුට

බංග්ලාදේශයේ මහල් ගොඩනැගිල්ලක ගින්නකින් 43 ක් මරුට

බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් හයක ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (29) රාත්‍රී 10.00ට පමණ අදාළ ගොඩනැගිල්ලේ තිබූ ආපන ශාලාවක මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් තුවාල ලැබූ 22 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර තිබේ.

එමෙන්ම, ගින්නෙන් බේරාගත් තවත් 75 ක් ද රෝහලට ඇතුළත් කර තිබේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 13 ක් යොදවා ඇති අතර පැය දෙකකට පමණ පසු ගින්න පාලනය කිරීමට හැකිවූ බව එරට බලධාරීන් සදහන් කළේය.

ගින්නට හේතුව සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

Share This