ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක වෙයි

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක වෙයි

අමෙරිකානු ඩොලර් බිලියන 12.5ක ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සදහා වන කොන්දේසි සම්බන්ධයෙන් ජාත්‍යන්තර ණය හිමියන් සමග ශ්‍රී ලංකාව එකගතාවකට පැමිණ තිබේ.

ඊයේ (03) දිනයේ දී ඊට අදාළ එකගතාවයට පැමිණ ඇති අතර වසරකට වැඩි කාලයක් පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම එකගතාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකිරීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ප්‍රධාන කොන්දේසියක් වේ.

ඒ අනූව, ශ්‍රී ලංකාව විදේශ බැදුම්කර හිමියන්ට ගෙවීමට ඇති ණය ප්‍රමාණයෙන් සියයට 28ක අඩුවීමක් සිදුවනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ශ්‍රී ලංකාව ද්වීපාර්ශවීය ණයහිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා මේ වන විටත් ගිවිසුම් අත්සන් කර තිබේ.

මේ අතර 2024 විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත කරන ලද සියලුම ව්‍යාපෘති අගෝස්තු 31 වන දිනට පෙර අවසන් කළ යුතු බව මුදල් ආර්ථික, ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකමවරයා විසින් ඊට අදාළ චක්‍රලේඛයක් නිකුත් කරමින් මෙම දැනුම්දීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.