ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අද සිට

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අද සිට

ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අද ආරම්භ කරන බව රජයේ මුද්‍රණාලය පවසනවා.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව සමඟ පැවති සාකච්ඡා කිහිපයකින් අනතුරුව එලෙස මුද්‍රණ කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බවයි රජයේ මුද්‍රණාලයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙවර ඡන්ද පත්‍රිකාවේ දිග ඉහළ යනු ඇති බවට විවිධ වාර්තා පල වුණා.

එහෙත් ගිය වර ජනාධිපතිවරණයට මෙන් මෙවර ද අගල් 26ක හෝ 27ක දිගින් යුත් ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කෙරෙන බවයි වාර්තා වන්නේ.

අදාළ මුද්‍රණ කටයුතු සඳහා ප්‍රමාණවත් ද්‍රව්‍ය ද හිඟයකින් තොරව රජයේ මුද්‍රණාලය සතුව පවතින බවයි රජයේ මුද්‍රණාලය පවසන්නේ.

අදින් අරඹන ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු දින කිහිපයක් තුළ අවසන් කිරීමට හැකිවනු ඇති බව රජයේ මුද්‍රණාලය අපේක්ෂා කරනවා.

එම මුද්‍රණ කටයුතු අවසන් වූ වහාම එම ඡන්ද පත්‍රිකා විශේෂ ආරක්ෂාවක් යටතේ මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදෙන බවයි රජයේ මුද්‍රණාලය පැවසුවේ.

මේ අතර රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයා ඇති බවද මුද්‍රණාල ආරංචි මාර්ග පැවසීය.