යාපනයේ බැල්ලියකට සහ බලු පැටව් හතකට ගිනි තබා ඝාතනය කරලා

යාපනයේ බැල්ලියකට සහ බලු පැටව් හතකට ගිනි තබා ඝාතනය කරලා

යාපනයේ චාවාකච්චේරී මුරුසවිල් නවසිකුලම් ප්‍රදේශයේ කූඩුවක සිටි බැල්ලියක හා පැටවුන් හත් දෙනෙකු ගිනි තබා ඝාතනය කළ පුද්ගලයා සොයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඊයේ (20) චාවාකච්චේරී පොලිස් ස්ථානාධිපතිවරයාට උපදෙස් ලැබී ඇත.

මෙම පුද්ගලයා විසින් මරා දමා ඇත්තේ සති දෙකක් පමණ වයස බලු පැටවන් හත් දෙනෙකු හා එම බලු පැටවුන් ප්‍රසූත කළ බැල්ලියයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු දුරකතන ඇමතුමකින් පසුව ඔහු චාවාකච්චේරී පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ වහාම මේ අමානුෂික සිද්ධියට සම්බන්ධ සැකකරුව අත්අඩංගුවට ගන්නා ලෙසයි.

Share This