අරාබි පාසලක ගව ඝාතකාගාරයක් වටලයි

අරාබි පාසලක ගව ඝාතකාගාරයක් වටලයි

දැඩි මුරකාවල් සහිතව බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනය ඉදිරියේ අරාබි විදුහලක් තුළ පවත්වාගෙන ගිය නීති විරෝධී ගව ඝාතතකාගාරය ක් අද (16) අළුයම් කාලයේ වැටලූ බදුල්ල පොලිස් කොට්ඨාශ විෂමත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය එළ වැස්සියන් හතර දෙනෙකුගේ මස් සමග සැකකරුවන් සිවු දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මස්කිරීමට සූදානම් කරතිබූ අවුරුදු 3 ක් පමණ වයසැති වහුපැටියෙක් මුදාගනීමටද පොලිසිය සමත්ව ඇත.

මෙම විදුහලට පොලීසිය කඩාවදින විටත් මෙම ගවයන් මස්කරමින් සිටි බවත් අවුරුදු 3 ක් පමණ වන වහුපැටියා මස්කිරීමට සූදානම්කර තිබූ බවත් වැටලීම සිදුකළ නිලධාරිහු පැවසූහ.

මෙසේ නීතිවිරෝධි ලෙස මෙම ස්ථානයේ ගවයන් ඝාතනය කර මස් නගරයේ ගවමස් වෙළදැසල්වලට සපයාඇති බව විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.

බදුල්ල විශේෂ කාර්යංශයට ලැබුන තොරතුරක් මත බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

මෙම මස් ප්‍රවාහනයට සූදානම් කර තිබු වෑන්රථයක්ද පොලිසිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවටගත් සැකකරුවන් වැලිමඩ බෝගහකුඹුර, බණ්ඩාරවෙල හාලිඇල සහ නුවරඑළිය පදිංචි අවුරැදු 47,49,39,48, යන වයස් ඛාන්ඩවලට අයත්වූවන් බවත් එක් සැකකරුවෙක් මෙම අරාබි පාසැලේ අරක්ඇමියා බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම විදුහලේ අසරණ ළමුන් පිරිසක් නේවාසිකව සිටි බවත් සාම්ප්‍රදායික මුස්ලිම් ජනයා මෙම වැටලීම පිළිබදව ප්‍රසාදය පළකරන බවත් වාර්තාවෙයි.

Share This