බද්දේගම අයියා මලෝ ඝාතනයට තුනක් අත්අඩංගුවට

බද්දේගම අයියා මලෝ ඝාතනයට තුනක් අත්අඩංගුවට

පසුගිය 27 වැනිදා බද්දේගම, මද්දෙවිල ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී තියුණු ආයුධයකින් පහරදී එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධියට අදාළව, සැකකරුවන් 03 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එච්.කේ. අජිත් කුමාර හා එච්.කේ. උපුල් යන අය මෙම පහරදීමෙන් ජීවිතක්ෂයට පත් විය.

අපරාධය පිළිබඳව බද්දේගම පොලිසිය විසින් ආරම්භ කර තිබූ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21, 33 හා 41 යන වයස්වල පසුවන බටපොල සහ ඇත්කඳුර ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි, පොලීසිය සඳහන් කළේ.

මෙම ගැටුමේදී තවත් දෙදෙනෙකු තුවාල ලැබූ බව පොලිසිය සඳහන් කළේය.