මාස 5 ක බිලිදා කුලී නිවසේ තනිකර මව පියා පැන ගිහින්

මාස 5 ක බිලිදා කුලී නිවසේ තනිකර මව පියා පැන ගිහින්

මඩකලපුව වාකරේ ප්‍රදේශයේ සිට ගලහා ලූල්කඳුර ප්‍රදේශයේ වතු නිවාසයකට තාවකාලික පදිංචියට පැමිණි තරුණ යුවළක් ඔවුන්ගේ මාස 5 ½ වයසැති බිලිඳා එම වතු නිවාසයේ කාමරයක් තුළ දමා පලායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගලහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

එම තරුණ යුවළ මීට සති දෙකකට පමණ පෙර වෙනත් කාන්තාවකගේ ආධාරයෙන් කුඩා බිළිඳෙකුද සමග එම වත්තේ තාවකාලික පදිංචියට පැමිණ ඇති අතර පසුව ඔවුන් හොර රහසේම එම වත්තෙන් නික්ම ගොස් තිබේ.

ඔවුන් එහි සිටියදී හඳුනාගත් වෙනත් පුද්ගලයෙකුට දුරකථන මගින් දැනුම් දී ඇත්තේ, ඔවුන් දෙදෙනා විදේශගත වන බවත් ඔවුන් රැගෙන ආ කුඩා බිළිඳා ඔවුන් සිටි කාමරයේ සිටින බවත් එම බිළිඳා හදා වඩා ගැනීම සඳහා කිසිවෙකුට හෝ ලබාදෙන ලෙසයි.