ලෝක සාමය සම්මානය ශ්‍රී ලාංකික සිසුවියකට

ලෝක සාමය සම්මානය ශ්‍රී ලාංකික සිසුවියකට

ජපානයේ හිරෝෂිමා ආයතනය මගින් ළමයින් සදහා වන සාම සමුළුවේ දී ලෝක සාමය වෙනුවෙන් පැවති කථික තරගයේ දී එයට සහභාගී වූ ලොව අනෙකුත් රටවල් පරදා , ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කවීෂි යශෝධරා දිවානන්ද සිසුවිය පැවැත්වු කතාවට “ලෝක සාමකාමී සම්මානය” ( World Peaceful Award ) හිමිව තිබේ.

දිනූ සම්මානය සමග ඇය කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියාය .

ඇය වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකි .

මෙම සමුළුව ජපානයේ ටෝකියෝ නුවර ඉකුත් 20 දින පවත්වා තිබූ අතර එහිදී ඇය ලෝක සාම නියෝජිතවරියක ලෙස ද පත් කර තිබුණි .