ප‍්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඇෆ්ගනිස්ථානය හමුවේ පරදී

ප‍්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඇෆ්ගනිස්ථානය හමුවේ පරදී

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ අද (23) පැවති ඇෆ්ගනිස්ථාන – ඔස්ට්‍රේලියා තරගයේ ජය වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය සමත් විය.

ඒ මෙතෙක් මෙම තරගාවලියේ අපරාජිතව සිටි ප්‍රබල ඔස්ට්‍රේලියාව ලකුණු 21කින් පරාජයට පත් කරමින්.

අද තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වූ අතර පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 148ක් රැස් කිරීමට සමත් විය.

එහිදී Rahmanullah Gurbaz ලකුණු 60ක්ද, Ibrahim Zadran ලකුණු 51ක්ද, Karim Janat ලකුණු 13ක් සහ Mohammad Nabi නොදැවී ලකුණු 10ක් ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී Pat Cummins කඩුලු 03ක්ද, Adam Zampa කඩුලු 02ක් සහ Marcus Stoinis එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණි.

අනතුරුව ලකුණු 149ක පිළිතුරු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ඔස්ට්‍රේලියාවට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් හමුවේ පන්දුවාර 19යි පන්දු 02ක් හමුවේ සියල්ලන් දැවී රැස්කරගත හැකි වුණේ 127ක් පමණයි.

Glenn Maxwell ලකුණු 59ක්ද, නායක Mitchell Marsh ලකුණු 12ක්ද, Marcus Stoinis ලකුණු 11ක්ද රැස් කළ අතර, වෙනත් කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව කරා පැමිණීමට හෝ ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් හමුවේ හැකියාව ලැබුණේ නැහැ.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Gulbadin Naib කඩුලු 04ක්ද, Naveen-ul-Haq කඩුලු 03ක්ද, Azmatullah Omarzai,Mohammad Nabi සහ Rashid Khan එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණි.

එමෙන්ම එක්දින සහ පන්දුවාර20 ලෝක කුසලාන තරගාවලියකදී ඇෆ්ගනිස්ථානය, ඔස්ට්‍රේලියාව පරාජයට පත්කළ පළමු අවස්ථාව මෙය ලෙසත් ක්‍රිකට් වාර්තා පොත් අතරට එක්විය.