මාධ්‍යවේදියෙකුගේ නිවසට ප්‍රහාරයක්

මාධ්‍යවේදියෙකුගේ නිවසට ප්‍රහාරයක්

යාපනය අච්චුවේලි පොලිස් වසමේ පිහිටි යාපනය දිස්ත්‍රීක් මාධ්‍යවේදියෙකුගේ නිවසට අද අලුයම් කාලයේදී නාඳුනන පිරිසක් විසින් ඇතුලු වී සිදුකල ප්‍රහාරයක් හේතුවෙන් දේපල රැසකට හනි සිදුව තිබෙනවා.

අලුයම එකට පමණ යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් විසින් අදාල මාධ්‍යවේදියාගේ නිවසට ඇතුලු වී නිවසේ තිබූ දේපළ රැසකට හානි කොට ඇති අතර නිවස ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියකට ඇතුලු ගෙවත්තේ තිබූ දේපළ වලටද හානි කොට පලා ගොස් තිබේ.

අදාල පිරිස නිවසේ කිසිවෙකුටත් හානි සිදුකොට නොමැති අතර පහරදීම සිදුකල පුද්ගලයින් මෙතෙක් හඳුනාගැනීමටද නොහැකි වී තිබෙනවා.

නාඳුනන පිරිස විසින් දේපල වලට හානි කිරීමෙන් පසුව යම් පෝස්ටරයක් දමා ගොස් ඇති අතර ඒහි සඳහන් කොට ඇත්තේ සංක්‍රාන්තික ලිංගිකයින්ගේ හැඟීම් සාවද්‍ය ලෙස ප්‍රකශ නොකරනු ලෙසටයි.

කෙසේ වෙතත් අදාල ප්‍රහාරය කිසියම් පෞද්ගලික හේතුවක් මත සිදු කල ප්‍රහාරයක් බවට සැක පල කරන අතරම මේ පිලිබඳව වැඩිදුර පරික්ෂණයක්ද සිදුකරන බවට අච්චුවේලි පොලීසිය ප්‍රකාශ කළා.

GB 3

GB 1

GB 6

GB 11