හොර අටපිරිකර තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
වෙසක් සතිය වෙනුවෙන් කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන් ඉලක්ක කර ව්‍යාජ අටපිරිකර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වු පුද්ගලයන් දෙදෙනෙකු කතරගම පොලිසිය හා මොණරාගල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිළධාරීන් විසින් අද (14) පෙරවරුවේ කතරගම පුදබිමේදි අත්අඩංගුවට ගෙන තිබේ.
එම ජවාරම හෙළි වී තිබෙන්නේ පුද්ගලයෙකු විසින් කතරගම පුදබිමේ පැවැත්වීමට නියමිතව තිබූ පූජාවක් සදහා සැකකරුවන් දෙදෙනා විසින් රැගෙන ආ අටපිරිකර150ක් පරීක්ෂා කිරීමේදීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම,අටළුගම,ජයකොඩිකන්ද ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.
අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා කාලාන්තරයක සිට කතරගම හා අවට ප්රදේවලට මෙලෙස ව්‍යාජ ලෙස සකස් කරන ලද අටපිරිකර තොග වශයෙන් බැතුමතුන්ට අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව ඇති බව මුලික විමර්ශන වලදි අනාවරණය වි තිබේ.
සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් මොණරාගල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලිම සිදුකර තිබේ.
එහිදී සැකකරුවන් කතරගම පුදබිමේ පැවැත්වෙන පිංකමක් සඳහා අටපිරිකර රැගෙන එමින් සිටියදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් ඇතුළු මහා සංඝ රත්නයද එම ස්ථානයට පැමිණි අතර එහිදී උන්වහන්සේලාද මෙම අටපිරිකර පරීක්ෂාවට ලක් කර තිබේ.
මේ සම්බන්ධයෙන් කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් වහන්සේ මෙලෙස පැවසූහ.
“අටපිරිකර පූජාව කියන්නේ අටමහ කුසල කර්ම වලට අයත් වෙන දෙවන පිංකම. ඇතැම් කූඨ ව්‍යාපාරිකයන් මුදල් ඉපයීමේ අරමුණින් මෙලෙස ව්‍යාජ ලෙස භාවිතයට ගත නොහැකි සිවුරු කෑලි, කාඩ්බෝඩ් කෑළි ආදිය දමා මෙහෙම අටපිරිකර සකස් කිරිම මහා අපරාධයක්.
අට පිරිකරකට පිරිකර අටක් අඩංගු විය යුතු නමුත් මෙම රැගෙන ආ එක අට පිරිකරකවත් පිරිකර අටක් අඩංගු නෑ. මිනිස්සු ශ්‍රද්ධාවෙන් පුජා කරන මේ අටපිරිකරට මෙහෙ නිගා කිරිම දඩුවම් දිය යුතු බරපතළ වරදක්.
මෙම ජාවාරම සම්බන්ධයෙන් බැතිමතුන්ගෙන් මටත් පැමිණිලි ගණනාවක්ම ලැබී තිබුණා. ඒ අනුව මම මේ සම්බන්ධයෙන් සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට හා කතරගම පොලිසියට දැනුම් දීලා තිබුණා.
ඒ අනුව අද දවසේ මෙම වැටලිම සිදුකරලා තියෙනවා. සමස්ථ බෞද්ධ ජනතාවගෙනුත් මම ඉල්ලීමක් කරනවා අටපිරිකරක් මිලදි ගැනිමට පෙර ඒ පිළිබදව නිසි අවධානයෙන් පසු වෙන්න කියලා.
අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා අටපිරිකර 150ක ප්‍රමාණයක් හා එය රැගෙන ආ වෑන් රථය සමග කතරගම පොලීසියට රැගෙන ගිය අතර සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔවුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරීයේ මොණරාගල දිස්ත්‍රික් වැටලීම් හා විමර්ශන අධ්යක්ෂ සංජය ඉරසිංහගේ උපදෙස් පරිදි, මොණරාගල දිස්ත්‍රික් ලේකම් පසන් එස්.බී.රත්නායක ගේ නියෝග මත පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරීයේ මොණරාගල දිස්ත්‍රික් ප්‍රධානී දිනූෂ ලක්මාල්, විමර්ශන නිළධාරීන් වන ආර්.එම්.එන්.එම්.ගුණරත්න, ඒ.සී.එම්.භාෂිත්, එම්.එෆ්.එම්.රේෂාන් යන නිළධාරීන් හා කතරගම පොලිසියේ නිළධාරීන් එක්ව වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.