අසිතගේ නම ලෝඩ්ස් පිටියේ ගෞරවනීය නාම පුවරුවට එක්වෙයි
ලෝඩ්ස් පිටියේ දස්කම් දක්වන ක්රීඩකයන්ගේ නම් එක් කරන ගෞරවනීය නාම පුරුවට සිය නම එක් කර ගැනීමට ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක අසිත ප්රනාන්දු ඊයේ සමත් විය.
2014 වසරේ සිට තරගයකදී කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් දවා ගැනීමට සමත්වන පන්දු යවන්නන්ගේ නම් ගෞරවනීය නාම පුවරුවට එක් කරන අතර, ඒ අනුව අසිත එම පුවරුවට නම එක් කළ පළමු ශ්රී ලාංකික පන්දු යවන්නා බවට පත් විය.
මේ තරගයේදී ලකුණු 102කට සිය කඩුලු 5 බිඳ දැමීමට අසිත සමත් වූ අතර, ඔලී පෝප්, හැරී බෘෘක්, ගස් ඇට්කින්සන්, මැතිව් පොට්ස් සහ ඔලි ස්ටොන් අසිතගේ පන්දු හමුවේ දැවී ගියහ.
ලෝඩ්ස් පිටියේ ටෙස්ට් තරගයකදී කඩුලු 5ක් බිඳ හෙළූ දෙවැනි ශ්රී ලාංකික පන්දු යවන්නා අසිත ප්රනාන්දු වන අතර, ඔහුට පෙර 1991 වසරේදී රුමේෂ් රත්නායක ලකුණු 69කට කඩුලු 5ක් බිඳ දැමීමට සමත්ව තිබිණි.