දොස්තර මන්ත්‍රීගේ හැසිරීම ගැන විධිමත් පරීක්ෂණයක් කරනවා – කථානායක
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉදිරියේදී ඔහු සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව කථානායක අශෝක රංවල මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයාගේ අසුනේ අසුන් ගැනීම මෙන්ම ජාතිවාදය ඇති වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් මේ වන විට ඔහු සම්බන්ධයෙන් කතාබහක් මතුව තිබේ.
ඒ අනුව, මේ පිළිබඳව මන්ත්‍රීවරයා සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව කථානායකවරයා සඳහන් කළේය.
ඊයේ (24) පස්වරුවේ මහනුවර ප්‍රදේශයේ සිදුකළ සංචාරයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්විමින් කථානායන අශෝක රංවල මහතා මේ බව පැවසීය.